25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතලේබාන් පාලනය ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙයි

තලේබාන් පාලනය ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙයි

තලේබාන් රජය යටතේ ඇෆ්ගනිස්තානයේ ත්‍රස්තවාදය වර්ධනය වනු ඇතැයි ආසියාවේ ත්‍රස්ත ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරිමේ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මයිකල් කූගල්මන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමීය පාලනය නමින් එරට ස්ථාපිත කළ නව රජයේ තනතුරු සඳහා පත් කර ඇති ජ්‍යෙෂ්ඨ නායකයන් අතිශයින්ම අයහපත් පුද්ගලයන් බවත්, අන්තවාදී අදහස් ඇති එම ජ්‍යෙෂ්ඨ නායකයන් යටතේ ත්‍රස්ත ක්‍රියාකාරකම් වර්ධනය වනු ඇති බවත් ඔහුගේ අදහස වී තිබේ.

තලේබාන් සංවිධානයේ සාමාජිකයන්ට වඩා දරුණු හා සාහසික කණ්ඩායමක් ලෙස ප්‍රකට හකානි ජාලය ඇෆ්ගනිස්තාන රජයේ එක් පාර්ශ්වකරුවකු ලෙස කටයුතු කරන බැවින් තත්ත්වය දරුණු අතට හැරෙනු ඇතැයි ද අනාවැකි පළ වී තිබේ. විශේෂයෙන් නව රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමතිවරයා ලෙස පත් කර ඇති හකානි ජාලයේ නියෝජිත සිරාජුඩීන් හකානි අමෙරිකාව සොයමින් සිටින ත්‍රස්තවාදියකු ලෙස නම් කර ඇති අතර, ඔහුට අල් කයිඩා ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධතා ඇති බවට ද හෙළි වී ඇතැයි වාර්තා වේ.