කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට අද පැය 12ක ජල සැපයුම අත්හිටුවේ
කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශ රැසකට අද (04) පැය 12ක කාලයක් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.
එම නිවේදනයට අනුව අද පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වේ.
ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ අතර කොළඹ 01 සිට 15 දක්වා සියලු ප්‍රදේශ, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දල ඇතුළත් වේ.
මීට අමතරව දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, රාවතාවත්ත සහ සොයිසාපුර ප්‍රදේශවලට ද අද දින ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට නියමිත බව මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම ජල කප්පාදුවට හේතුව වී ඇත්තේ විදුලිබල සැපයුම් පද්ධතියේ මුල්ලේරියාව උපපොළ ආශ්‍රිතව අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා අඹතලේ ජල පවිත්‍රාගාරයට ලබාදෙන විදුලි සැපයුම තාවකාලිකව නතර කිරීමට සිදුවීමයි.
එමෙන්ම දෙහිවල ජල පොම්පාගාරය සහ මාලිගාවත්ත පොම්පාගාරය ආශ්‍රිතව විදුලිබල පද්ධතියේ වැඩිදියුණු කිරීමේ කටයුතු ද අද දිනයේ සිදු කිරීමට නියමිත බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබේ.


