24.5 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකාවේ ගුරු හිඟයක්

අමෙරිකාවේ ගුරු හිඟයක්

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියෙන් පසු යළි පාසල් විවෘත කළද, ගුරුවරුන්ගෙන් බහුතරයක් පාසලට වාර්තා නොකිරිම හේතුවෙන් දරුවන් දුෂ්කරතාවට පත් වී ඇතැයි අමෙරිකාවෙන් වාර්තා වේ. ගුරුවරුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ අඩුපාඩු සපුරා ගැනීමට ගුරුවරුන් බඳවා ගන්නා බව සඳහන් කළ දැන්වීම් පත්‍රිකා සිසුන්ගේ කෑම අසුරණවල බහා ඔවුන්ගේ මාපියන්ට යැවිමට කැලිෆෝනියා ප්‍රාන්තයේ බලධාරින් කටයුතු කර ඇතැයි වාර්තා වේ. අලුතින් බඳවා ගන්නා ගුරුවරුන්ට වැටුපට අමතරව ප්‍රසාද දීමනා ලබා දෙන බවත් එම දැන්වීම් පත්‍රිකාවල සඳහන් වේ.

නැවත පාසල් විවෘත කළ ද ගුරුවරුන්ගේ නොපැමිණීම හේතුවෙන් සිසුන් දැඩි අපහසුතාවට පත්වී ඇති අතර, කොවිඩ් වසංගතය නිසා ඇති වූ මානසික ආතතිය ඉහළ යෑමෙන් බොහෝ ගුරුවරු විශ්‍රාම ගැනීමට සහ ඉල්ලා අස්වීමට පෙළඹී ඇතැයි එම ප්‍රාන්තයෙන් වාර්තා වේ. කැලිෆෝනියා ප්‍රාන්තය ඇතුළු තවත් ප්‍රාන්ත රැසක පාසල්වල මේ ගුරු හිඟය ඉහළ ගොස් ඇත.