30 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකාව සංචාරකයන්ට කොවිඩ් නීති ලිහිල් කරයි

අමෙරිකාව සංචාරකයන්ට කොවිඩ් නීති ලිහිල් කරයි

පූර්ණ කොවිඩ් මර්දන එන්නත්කරණයට ලක්වූ සංචාරකයන්ට රට විවෘත කිරීමට අමෙරිකාව තීරණය කර ඇත. ඒ අනුව ලබන නොවැම්බර් මාසයේදී විදේශිකයන්ගේ සංචරණ සීමා ඉවත් වනු ඇතැයි වාර්තා වේ.

ධවල මන්දිරයේ ප්‍රකාශකයකු විදෙස් මාධ්‍ය වෙත කියා සිටියේ නිශ්චිත රටවල් කිහිපයක සංචාරකයන්ට පළමුව රට විවෘත කරන බවත්, පසුව එය තවත් රටවල් වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත කිරීමට අදහස් කර ඇති බවත්ය. කෙසේ වෙතත් නියමිත කාලයට පෙර මේ නිවේදනය නිකුත් කර ඇත්තේ එරට ගුවන් සේවාවලට සහ සංචාරක කර්මාන්තයේ නිරතව සිටින සමාගම්වලට පෙර සූදානම් වීම සඳහා බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කර ඇත.