― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරටේ ආර්ථිකය ඉහළ නැංවීමට සුවිශේෂ වැඩපිළිවෙළක් තිබෙනවා

රටේ ආර්ථිකය ඉහළ නැංවීමට සුවිශේෂ වැඩපිළිවෙළක් තිබෙනවා

ඇමැති නාමල් රාජපක්ෂ

රට පුරා සිදු කෙරෙන සංවර්ධන ක්‍රියාවලියට සමගාමීව රටේ ආර්ථිකය ඉහළ නැංවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් ආණ්ඩුව සතුව තිබෙන බව තරුණ කටයුතු ක්‍රීඩා සහ සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ ඇමැති, සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් ඉදිරිපත් කළ ආර්ථික හා සංවර්ධන සැලැස්ම අනුව ජනතාවට දුන් සංවර්ධනීය බලපොරොත්තු යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් රට පුරා මහා පරිමාණයේ හා කුඩා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර තිබෙන බව හෙතෙම කීවේය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය අධීක්ෂණය සඳහා ඉකුත් (22) වැනිදා එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

“විශේෂයෙන් ම රටේ තිබෙන ආර්ථීක තත්ත්වයත් එක්ක අපි විශ්වාස කරනවා වැඩිපුර මුදල් ප්‍රමාණයක් ක්‍රීඩකයා සහ පුහුණුකරුවන්ට යොමු කිරීම ඉතාමත් කාලෝචිත බව. ඉදිරි කාලසීමාව තුළ සංවර්ධන කිරීමේ සැලැස්මේ මෙම සියලුම ක්‍රීඩාංගණ ඇතුළත්ව තිබෙනවා.

ඒ වගේම මේ සියලු ප්‍රශ්න උද්ගතව තිබෙන්නෙ පහුගිය කාලේ සැලැස්මක් නොමැතිව අත්තනෝමතික ලෙස සහ ක්‍රීඩා සැලැස්මක් නොමැති ව විශේෂයෙන් ම අවශ්‍යතාවයක් නොමැති ව හා අවශ්‍යතාවට සරිලන නොවන ආකාරයට තැන් තැන්වල ක්‍රීඩාංගණ ඉදි කරන්න රජයේ මුදල් වියදම් කළ නිසා. එම නිසා ඒ සියල්ල යාවත්කාලීන කොට නැවත වතාවක් ක්‍රමානුකූලව එම ක්‍රීඩාංගණ ඉදිකිරීමේ වැඩපිළිවෙළ අපි ආරම්භ කර තිබෙනවා.”

නුවන් කොඩිකාර