25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔස්ට්‍රේලියාවේ ජයග්‍රහණ 26ක අඛණ්ඩ ගමන ඉන්දියාව වළකයි

ඔස්ට්‍රේලියාවේ ජයග්‍රහණ 26ක අඛණ්ඩ ගමන ඉන්දියාව වළකයි

ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල එක්දින තරඟ ජයග්‍රහණ 26ක් එක දිගට අත් කරගෙන තිබියදී පෙරේදා පැවති ඉන්දියාව සමඟ තරගයෙන් පරාජයට පත් වීමත් සමඟ එම ගමන් මඟ තවදුරටත් යෑමට නොහැකි විය.

මෙවර ඉන්දියාව සමඟ තරගාවලියේ මුල් තරග දෙකම ජය ගත් ඔස්ට්‍රේලියාව තුන්වන තරගයේදී කඩුලු 2කින් පරාජය කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා වුලින් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම කඩුලු 2කට ලකුණු 264ක් රැස් කළඅතර ඉන්දීය කාන්තා කණ්ඩායම කඩුලු 8 ට 266ක් ලබා ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. ඉන්දියාව වෙනුවෙන් යෂ්ටිකා බාටියා ලකුණු 64ක් හා ආරම්භක පිතිකාරිනී ෂෆාලී වර්මා ලකුණු 56ක් වාර්තා කළේය. ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් ඈෂ්ලෙග් ගාඩ්නර් ලකුණු 67ක් හා බේත් මූනි ලකුණු 52ක් රැස් කර ගත්හ. පන්දු යැවීමේදී ඉන්දීය පිලේ ජූලාන් ගෝස්වාමි කඩුලු 3ක් හා පූජා වස්ත්‍රකර් කඩුලු 3ක් බිඳ හෙළූහ.