ග්ලේන් මැක්ස්වෙල්ගේ වේගවත් පිතිහරඹය හේතුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් කඩුලු 7ක ජයක් හිමි කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.
ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසු වන බැංගලෝර් පිල තරග 11කදී අත් කර ගත් 7 වැනි ජයග්‍රහණය මෙයයි.
ඩුබායිහිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් පිල ලකුණු 149කට සීමා කළ බැංගලෝර් කණ්ඩායම ඕවර 17.1කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් දැවී තිබියදීය.
ග්ලේන් මැක්ස්වෙල් පන්දු 30කදී නොදැවී ලකුණු 50ක් රැස් කරමින් මුම්බායි ජය තහවුරු කළ අතර, ඔහුගේ ඉනිම හතරේ පහර 6කින් සහ හයේ පහරකින් වර්ණවත් විය. මැක්ස්වෙල්ට අනගි සහායක් දුන් ශ්‍රිකාර් භාරත් ලකුණු 44ක් ඉනිමට එක් කළේය. දෙදෙනා අතර, තෙවැනි කඩුල්ලට ගොඩනැඟූ සබඳතාව ලකුණු 69කි. නායක විරාට් කෝලි ලකුණු 25ක් රැස් කළේය. පන්දු යැවීමේදී මුස්ටර්ෆිසුර් රහ්මාන් කඩුලු 2ක් දවා ගත්තේය.
එවින් ලුවිස් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් පන්දු 38කින් ලකුණු 58ක් රැස් කරමින් පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් ඉනිමට සාර්ථක ආරම්භයක් දුන්නද මැද පෙළ අසාර්ථක වීමෙන් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව රාජස්ථාන් පිලට අහිමි විය.
දෙවැනි කඩුල්ල ලෙස ලුවිස්ගේ දැවී යෑමත් සමඟ ලකුණු 17ක් තුළ රාජස්ථාන් පිලට ප්‍රබල පිතිකරුවන් සිව් දෙනකු අහිමි වූහ. පන්දු යැවීමේදී හර්ෂාල් පටෙල් කඩුලු 3ක් බිඳ දැමූ අතර, ශාබාස් අහමඩ් සහ යුස්වේන්ද්‍ර චාහල් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.