27.2 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋන්මත්තකව හැසිරුණු ගුවන් මඟියා මියාමි පොලිස් දැලේ

උන්මත්තකව හැසිරුණු ගුවන් මඟියා මියාමි පොලිස් දැලේ

කොලොම්බියාවේ සිට අමෙරිකාවේ මියාමි අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක මඟියකු එහි හදිසි දොරටුව විවෘත කර ගුවන් යානයේ තටුවක් මතට පැන සිදු කළ නීතිවිරෝධී හැසිරීම හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය. මියාමි ගුවන්තොටුපොළට ගොඩ බැස්වීමෙන් පසු මඟීන් ප්‍රවේශ වන දොරටුව වෙත ගමන් කරමින් සිටියදී මේ සිදුවීම වාර්තා වී ඇත. ගුවන් යානයේ තටුවකට පිවිස අනතුරුව බිමට පැන තහනම් ප්‍රදේශයකට ඇතුළු වීමට එම පුද්ගලයා උත්සාහ ගෙන ඇති අතර, පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒ අවස්ථාවේදීය. අදාළ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට ඔහු ජැක්සන් අනුස්මරණ රෝහලට ඇතුළත් කර ඇත.