24.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුපිරි නළු ෂාරුක්ගේ පුත්‍රයා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට

සුපිරි නළු ෂාරුක්ගේ පුත්‍රයා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට

බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ පුත්‍රයා වන 23 හැවිරිදි ආර්යන් ඛාන් ඇතුළු 08 දෙනෙකු ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන තිබේ.
 
ඊයේ රාත්‍රියේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වූ නෞකාවක සාදයකදී සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය විසින් ප්‍රශ්න කරන ලද පුද්ගලයින් අට දෙනා අතර බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා වූ ආර්යන් ඛාන්ද එක් අයෙකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 
ප්‍රශ්න කරන ලද අට දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටියි.
 
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙස් වලාගෙන අදාළ නෞකාවට ගොඩ වී මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇතැයි සදහන් වේ.
 
ආර්යන් ඛාන් ඇතුළු අට දෙනාගෙන්ම ප්‍රශ්න කෙරෙමින් පවතී. ඔවුන්ගේ ප්‍රකාශ මත පදනම්ව ඉදිරි පියවර ගැනීමට නියමිත බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.