රුවන් විජයවර්ධන
ජනතාව පෝලිම්වල පීඩාවට පත් නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඩොලර් ගෙනවිත් රටේ ප්‍රශ්න විසඳන ලෙස එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ආණ්ඩුවට පවසයි.
එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධනය පිළිබඳ පක්ෂ ක්‍රියාකාරීන් දැනුම්වත් කිරීම වෙනුවෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය නායකවරයා මේ බව සඳහන් කළේය.
මාස තුනක කාලයක් ගතව ඇතත් ගෑස් හා කිරිපිටි ප්‍රශ්නයට විසඳුමක් නොදුන් ආණ්ඩුව මේ වන විට සිමෙන්ති ගැටළුවක්ද ජනතාවගේ හිස මතට පතිත කර ඇතැයිද රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ගෑස් හා කිරිපිටි පෝලිම්වල සිටි ජනතාව දැන් සිමෙන්ති පෝලිමකට තල්ලුකර ආණ්ඩුව අතපිසදාගෙන සිටින්නේයැයි ද ගෑස්, කිරිපිටි, සිමෙන්ති, පොහොර හිඟයන්ට විසදුම් නොදීම නිසා ජනතාව මේ වන විට මහත් පීඩාවකට පත්ව ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.
ශිරෝමි අබයසිංහ