31.1 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෂාරුක්ගේ පුත්‍රයා වසර 4ක සිට මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා

ෂාරුක්ගේ පුත්‍රයා වසර 4ක සිට මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ භාවිත කිරීම ඇතුළු චෝදනා සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත් වූ බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා වන ආර්යන් ඛාන් වසර 4ක කාලයක සිට මත්ද්‍රව්‍ය භාවිත කරන බව පිළිගෙන ඇතැයි වාර්තා වේ. මුම්බායි නුවර සිට ගෝව බලා යාත්‍රා කරමින් තිබූ සුපිරි නෞකාවක පැවැති සාදයකට සහභාගි වෙමින් සිටියදී ආර්යන් ඛාන් ඇතුළු 13 දෙනකු පොලීසිය විසින් සිදු කළ මෙහෙයුමකදී පසුගියදා මෙසේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු මීට පෙර බ්‍රිතාන්‍යය, ඩුබායි සහ වෙනත් රටවල සිටියදී මත්ද්‍රව්‍ය භාවිත කළ බව පිළිගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීමෙන් පසු සිය පියා සමඟ මිනිත්තු දෙකක කාලයක් දුරකතනය ඔස්සේ කතා කිරීමට පොලිසිය අවසර දී තිබේ. 23 හැවිරිදි ආර්යන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු හඬා වැටී ඇතැයි ද වාර්තා වේ. ආර්යන් ඛාන් ඇතුළු පිරිස මේ මස 7 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කර තිබේ.