31.7 C
Colombo
Tuesday, July 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකාන්තා ක්‍රිකට් සංචිතයට පුහුණු තරග 3ක්

කාන්තා ක්‍රිකට් සංචිතයට පුහුණු තරග 3ක්

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සිම්බාබ්වේ බලා යෑමට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩිකාවන් එක්දින තරග 3කට ක්‍රීඩා කිරිමට නියමිතය. මේ මස 25 සිට 30 දක්වා ආර්.ප්‍රේමදාස අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ පුහුණු එක්දින තරග 3 සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩිකාවන් සහ නැගී එන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් එක් වී සිටිති.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී චමරි අතපත්තු ශ්‍රි ලංකා පිලේ නායිකාව ලෙස කටයුතු කිරීමට නියමිත අතර, ඇය මේ වනවිට ඔස්ට්‍රේලියාවේ බිග්බෑෂ් ලීග් කාන්තා තරගාවලියට කරන බැවින් පුහුණු තරගවලදී කණ්ඩායමේ නායකත්වය හර්සිතා මාධවීට පැවරී තිබේ. එම කණ්ඩායමේ ප්‍රසාදිනී වීරක්කොඩි කාන්තා නැගී එන කණ්ඩායම මෙහෙයවීමට තෝරාගෙන සිටී.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා පිල-

හර්සිතා මාධවී, ඉනෝකා රණවීර, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, සුගන්ධිකා කුමාරි, ඕෂධී රණසිංහ, අමා කාංචනා, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, අනුෂ්කා සංජීවනී, කවීෂා දිල්හාරි, තාරිකා සෙව්වන්දි, ප්‍රසාදිනී වීරක්කොඩි, ඉමේෂා දුලානි, විශ්මි ගුණරත්න, සචිනි නිසංසලා, උමේෂා තිමේෂණී, මධුෂිකා මෙත්තානන්ද, සත්‍යා සංදීපනී.

නැගී එන කාන්තා ක්‍රිකට් පිල –

නිලක්ෂණා සඳමිණී, ශිඛරී නුවන්තා, ශෂිකලා සිල්වා, ළිහිණි අප්සරා, තාරුකා ශෙහානි, සඳුනි නිසංසලා, ටෙලීෂියා චතුරංගි, මල්කි මදාරා, කෞෂිනී නිත්‍යාංගනා, කාව්‍යා කාවින්දි, අමාධි විජේසිංහ, පියුමි වත්සලා, නිමේෂා මධුෂානී, චමරි ලක්ෂානී, දෙව්මි විහඟගේ, රෂ්මි සිල්වා, සඳලි වීරසිංහ.

ෆවුස් මොහොමඩ