ඇෆ්ගනිස්තාන රජය බිඳ වැටුණු පසුගිය අගෝස්තු මාසයේ එරට පැවැති ගැටුම් අතරතුර කාබුල් නුවරින් පලා ගිය පවුල් සිය ගණනාවකට යළි සිය නිවාස වෙත පැමිණෙන මෙන් තලේබාන් රජය නියෝග කර ඇතැයි වාර්තා වේ.
තලේබාන් නව රජයේ සරණාගතයන් යළි ගෙන්වා ගැනීමේ කටයුතු භාර නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ මේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීමට තීරණය කළ බවය. කාබුල් නුවරින් පැන ගිය පවුල් දෙදහසකට වැඩි ප්‍රමාණයක් අවතැන් වී සිටින බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
අවතැන් වූ පවුල් යළි ගෙන්වා ගැනීම සඳහා විවිධ සංවිධාන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ද තලේබාන් රජය තීරණය කර ඇත. කාබුල් නුවරින් පැන ගිය බොහෝ පවුල් දේශ සීමා අසල එළිමහනේ කූඩාරම් ගසා ගෙන දුෂ්කර ජීවිතයක් ගත කරන අතර, එම පිරිස අතර දරුවන් විශාල ප්‍රමාණයක් සිටින බව ද වාර්තා වේ. ශීත සෘතුවේ ආරම්භයත් සමඟ ඔවුන්ගේ ජීවිත දැඩි අවදානමකට ඇද වැටෙනු ඇතැයි ද වාර්තා වේ.