― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉස්ලාමාබාද් ගුවන්තොටුපොළේ දූෂණ රැසක්

ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළේ දූෂණ රැසක්

නව ඉස්ලාමාබාද් ගුවන් තොටුපොළ ඉදිකිරීමේදී දූෂණ වංචා රැසක් සිදු වී ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය. මේ පිළීබඳ එරට ජාතික වගවීමේ කාර්යාංශය සහ ‍ෆෙඩරල් විමර්ශන ඒජන්සිය වෙන වෙනම පරීක්ෂණ පවත්වන බව ද වැඩි දුරටත් වාර්තා කළේය.

පසුගිය රජයේ පාලන සමයේදී ඉදිකරන ලද ගුවන් තොටුපොලේ ප්‍රධාන ගොඩනැගිල්ල හා භාණ්ඩ ඇසුරුම්ගොඩනැගිල්ල ඉදිකිරීමේ දෝෂ රැසකින් සමන්විත බව ද අනාවරණය වී තිබේ. පාකිස්තාන ගුවන් සේවා ඇමති ගුලාම් සර්වර් ඛාන් මේ බව ප්‍රකාශ කර තිබේ.

ගුවන් තොටුපොළෞ දෙවැනි ධාවන පථයේ ඉදිකිරීම් ද දෝෂ සහිත බවට වාර්තා වීමෙන් පසු යළි සකස් කිරිමට රජයට සිදු වී ඇත. වසර 2018දී නිම කළ හැකි බව තක්සේරු කර තිබූ මේ ඉදිකිරීම් සඳහා පාකිස්තාන රුපියල් බිලියන 38ක් වැය කර ඇතැයි ද කියැවේ.