27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවුහාන් වැසියන්ගේ රුධිර සාම්පල පරීක්‍ෂා කිරීමක්

වුහාන් වැසියන්ගේ රුධිර සාම්පල පරීක්‍ෂා කිරීමක්

කොවිඩ් -19 වෛරසයේ මූලාරම්භය පිළිබඳ පර්යේෂණයේ කොටසක් ලෙස චීනය වුහාන් නගරයේ වැසියන්ගෙන් රුධිර සාම්පල් පරික්‍ෂාවක් සිදු කිරීමට සූදානම්වේ. 
 
සීඑන්එන් පුවත් සේවය වාර්තා කරනුයේ රුධිර සාම්පල දස දහස් ගණනක් මෙලෙස පරීක්‍ෂා කිරීමට සූදානම් වන බවයි. වෛරසය මතුවීම සම්බන්ධයෙන් විනිවිදභාවය සඳහා වන ඉල්ලීම් වැඩිවීම මධ්‍යයේ මෙම පියවර ගෙන තිබේ.
 
වෛරසය පැතිරීමට පටන් ගත්තේ කෙසේද යන්න තවමත් නිෂ්චිතව සොයා ගෙන නොමැත. 
 
වෛරසයේ මූලාරම්භය අවබෝධ කර ගැනීමට විද්‍යාඥයින් කටයුතු කරමින් සිටින හෙයින් ප්‍රමාණවත් තරම් තොරතුරු හෙළි නොකිරීම හෝ ප්‍රමාණවත් තරම් විනිවිදභාවයකින් කටයුතු නොකිරීම ආදිය සම්බන්ධයෙන් චීනය විවේචනයට බඳුන් වී ඇත.