30.6 C
Colombo
Monday, January 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාලිංගගේ වාර්තාව ශකීබ් බිඳ දමයි

මාලිංගගේ වාර්තාව ශකීබ් බිඳ දමයි

විස්සයි 20 අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට බංගලාදේශයේ ශකිබ් අල් හසන් සමත් වෙයි. තරග 84කදී කඩුලු 107ක් බිඳ හෙළා ලසිත් මාලිංග විස්සයි 20 අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා ලෙස මෙතෙක් පිහිටුවා තිබූ ලෝක වාර්තාව තරග 89කදී කඩුලු 108ක් දමා ගෙන ශකිබ් අල් හසන් තමා සතු කර ගත්තේය.

මේ දිනවල පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය අතර ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ශකිබ් අල් හසන් මේ දස්කම දැක්වීය. ස්කොට්ලන්ත පිලේ කඩුලු 2ක් ලකුණු 17කට දවා ගැනීමට ශකිබ් මේ තරගයේ දී සමත් විය.

විස්සයි 20 අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභීන් අතර නවසීලන්තයේ ටිම් සවුති (කඩුලු 99), පාකිස්තානයේ සහීඩ් අෆ්රීඩි (කඩුලු 98), ඇෆ්ගනිස්තානයේ රෂීඩ් ඛාන් (කඩුලු 95), පාකිස්තානයේ උමාර් ගුල් (කඩුලු 85), පාකිස්තානයේ සහීඩ් අජ්මාල් (කඩුලු 85) හා බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහුමාන් (කඩුලු 78) සිටිති.

34 හැවිරිදි ශකිබ් අල් හසන් වසර 2006දී සිම්බාබ්වේ පිලට එරෙහිව විස්සයි 20 අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසි අතර, විස්සයි 20 ක්‍රිකට් තරගයකදී කඩුලු 5ක් බිඳ හෙළුෑ අවස්ථාවක් හා කඩුලු 4 බැගින් බිඳ හෙලූ අවස්ථා 4ක් වාර්තා කළේය. ක්‍රිකට් පිටියේ සෑම අතින්ම දස්කම් දක්වන ඔහු විස්සයි 20 ක්‍රිකට් තරගවලදී ලකුණු 1783ක් වාර්තා කොට ඇති අතර, උඩ පන්දු 22ක් රැකගෙන සිටී.

ප්‍රින්ස් ගුණසේකර