26.7 C
Colombo
Monday, July 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොහොට්ටුවේ පස් වැනි මහා සම්මේලනය අද

පොහොට්ටුවේ පස් වැනි මහා සම්මේලනය අද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස් වැනි මහා සම්මේලනය සියලු සෞඛ්‍ය මාර්ග උපදේශ යටතේ කොළඹ, නෙලුම්පොකුණ රඟහලේදී අද (2) උදේ 10ට පැවැත්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයෙන් පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතාගේ සංවිධාන‍යෙන් මෙම සම්මේලනය පැවැත්වෙන බව පොදු ජන පෙරමුණ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා දිනමිණට ඊයේ (1) පැවැසීය. මෙම සම්මේලනයට සමගාමීව රට පුරා ශාඛා සමිති පක්ෂයේ පස්වන සංවත්සරය සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා චාම්ව සැමරීමට පියවර ගෙන ඇත. අභිමානයෙන් සෞභාග්‍යය කරා යන තේමාව යටතේ මෙවර සම්මේලනය පැවැත්වෙන අතර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අඩාල වූ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ සියලු ප්‍රතිපත්තීන් සහ සංවර්ධන වැඩසටහන් මින් ඉදිරියට ඉලක්කගත කාලයකදී දියත් කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂාව වී තිබේ. සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවර පක්ශ සම්මේලනය පැවැත්වෙන හෙයින් අන්තර්ජාලය ඔස්සේ සම්මේලනය විකාශනය කිරීමේ වැඩපිළිවෙළක් පක්ශයේ මාධ්‍ය ඒකකය මඟින් ක්‍රියාත්මක කර තිබේ.

නෙරංජලා වික්‍රමසිංහ