26.7 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදකුණු අප්‍රිකාවට කඩුලු 6ක ජයක්

දකුණු අප්‍රිකාවට කඩුලු 6ක ජයක්

දකුණු අප්‍රිකානු පිලේ කගීසෝ රබාඩාගේ සහ අන්රිච් නොයේගේ පන්දු හමුවේ අසරණ වූ බංග්ලාදේශ කණ්ඩායම විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පිට පිට සිව් වැනි පරාජයත් අත් විඳගත්තේය. දැනටමත් තරගාවලියෙන් ඉවතට විසි වී සිටින බංග්ලාදේශ පිල ඊයේ අබුඩාබි නුවර පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිම ඕවර 18.2කදී ලකුණු 84කට සීමා විය.

පහසු ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානුවෝ ඕවර 13.3කදී කඩුලු 4ක් දැවී ජයග්‍රහණය සපුරා ගත්හ.

දකුණු අප්‍රිකා ඉනිමේ පළමු කඩුලු 3ම ලකුණු 33ක් ඇතුළත බිඳ දැමීමට බංග්ලාදේශයේ ටස්කින් අහමඩ් සහ මෙහ්දි හසන් සමත් වූවත් රසී වැන් ඩර් ඩුසේන් සහ නායක ටෙම්බා බවුමා එක්ව සිය කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන ගියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු දල්වා තබමිනි.

ඩුසේන් ලකුණු 22ක් ලබාගත් අතර, බවුමා නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 31කි.

බංග්ලාදේශ පිලේ පළමු කඩුලු 6ම ලකුණු 45කට බිඳ වැටුණු අතර, අගපෙළ පිතිකරු මෙහ්දි හසන් ලකුණු 27ක් රැස් කරමින් සිය කණ්ඩායම යම් සහනයක් ගෙන දීමට සමත් වූවත් නෝයේගේ ආක්‍රමණශීලී පන්දු හමුවේ අගපෙළ දැඩි පසුබෑමකට ලක් විය.

සිය ඕවර 4 දී ලකුණු 8ක් පමණක් දුන් නෝයේ කඩුලු 3ක් දවාගනිද්දී රබාඩා බංග්ලාදේශ පිලේ මුල් පෙළ කඩුලු 3ක් දවාලූයේ ලකුණු 20කටය.