― political ―

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.මාධ්‍ය...

HomeNewsLocalමේ මුග්ධ තීරණ සම්බන්ධ වගකිවයුතු සියලු දෙනාට එරෙහිව කටයුතු කළ යුතුයි

මේ මුග්ධ තීරණ සම්බන්ධ වගකිවයුතු සියලු දෙනාට එරෙහිව කටයුතු කළ යුතුයි

චීන පොහොර නැවට වන්දි ගෙවීමේ තීරණය ගත්තු විදිහ ගැන ප්‍රකාශයක් රජය කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපණ ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධයාපණ ලේකම් පුබුදු ජයගොඩ

කෘෂිකර්ම අමාත්‍යංශයේ අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් ජයසූරිය උඩුකුඹුර විසින් ප්‍රවෘත්ති නිවේදනයක් අද දවස තුළ එවලා තියනවා චීනයේ කෙන්ඩාවෝ බයෝටෙක් සමාගමෙන් ආනයනය කරපු කාබනික පෝර සම්බන්ධයෙන් මතුවෙලා තියෙන අර්බුදයේදී වන්දි ගෙවීමට සූදානම් කියලා.
 ඒ අතර පොහොර සම්බන්ධ අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්තයා අද මාධ්‍ය වලට ප්‍රකාශ කරලා තිබුණා ඩොලර් මිලියන 6.7 ක වන්දියක් ගෙවනවා කියලා දැනටමත් ගිවිසුම් වෙලා තියෙන කාර්ය සාධනය ඇප කරය   සුරැකුමක් ලෙස තබා ගනිමින්.


 පොහොර තොගය ගොඩ නො බෑ මට වන්දියක් ලෙස ඩොලර් මිලියන 6 කට අධික වන්දියක් දැනට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා.
 ලංකාවට මේක විශාල පාඩුවක්. මේක වෙන්න එක හේතුවක් තමයි කෘෂිකර්ම අමාත්‍යාංශය සතු ආයතන දෙකක් වන පොහොර ලේකම් කාර්යාලය සහ ජාතික ශාක නිරෝධායන සේවය අතර එකඟතාවයක් තිබිලා නෑ.
 ලංකාවට කාබනික පොහොර ආනයනය කළේ ප්‍රථම වතාවට. කාබනික පොහොර ආනයනය කිරීමේ ක්‍රමවේදය සම්බන්ධව පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට අවබෝධයක් තිබිලත් නැහැ දේශපාලන අධිකාරිය විසින් අවබෝධයක් දීලත් නෑ.
 අවසානයේදී සාම්පල් චෙක් නොකර ලංකාවට පොහොර ආනයනය කළා. ඒ ආනයනය කිරිමට අදාල ණයවර ලිපි නිකුත් කළා.
 අවසානයේ දී ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 6.27 ක වන්දියක් ගෙවන්න සිද්ද වෙලා තියෙනවා.
 මෙය වෙච්ච ක්‍රියාකාරීත්වය සම්බන්ධ පූර්ණ පරීක්ෂණයක් අවශ්‍යයි මේ විදියට මහජන මුදල් විනාශ කරන්න දෙන්න බැහැ වන්දි ගෙවීම සඳහා.
 මේ පොහොර අර්විනියා  බැක්ටීරියාව සහිතව ලංකාවට ගොඩ බෑ වනම් අති දැවැන්ත හානියක් වෙනවා.
 මේ තීන්දු තීරණ ගන්න ක්‍රමවේදයේ බරපතළ ප්‍රශ්නයක් තියෙනවා.
 ඊයේ කැබිනට් මණ්ඩලය රැස්වුණා. කැබිනට් තීන්දු දැනුම්දීම් වල කිසිම එකක මේ සම්බන්ධ සඳහන් වෙලා නෑ.
 නමුත් අද දවසේ කෘෂිකර්ම අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් වරයා නිකුත් කරපු මාධ්‍ය නිවේදනයේ තියෙනවා ඊයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරපු අමාත්‍ය පත්‍රිකා  දෙකක් පිළිබඳ අවධානය ගැනීමෙන් පසුව මේ තීරණය ගත්තා කියලා.
 රජය මේ වන්දි ගෙවීමේ තීරණය ගත්තු විදිහ ගැන විනිවිද පෙනෙන සුළු ප්‍රකාශයක් කළ යුතුව තියෙනවා.
 සාම්පල් පරීක්ෂා කිරීමකින් තොරව ගුණාත්මකභාවය රහිත සහ අනතුරුදායක පොහොර ලංකාවට ආනයනය කරන්න ගත්තු තීරණය ඒ තීරණය ආපස්සට හරවන්න උනාට පස්සේ වන්දි ගෙවන්න සිදුවීමත් සම්බන්ධ අදාළ වගකිවයුත්තන් සියලු දෙනා සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුව තියෙනවා.
 මේ මුග්ධ තීරණ සම්බන්ධ වගකිවයුතු සියලු දෙනාට එරෙහිව කටයුතු කළ යුතුව තියෙනවා