27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවඳ සැත්කම් වලට ලක්වූ බව කියන මවුවරුන් පිරිසක් කුරුණෑගල රෝහල ඉදිරිපිට විරෝධතාවක

වඳ සැත්කම් වලට ලක්වූ බව කියන මවුවරුන් පිරිසක් කුරුණෑගල රෝහල ඉදිරිපිට විරෝධතාවක

වඳ සැත්කම් වලට ලක්වූ බව කියන මවුවරුන් පිරිසක් සමඟ භික්ෂූන් වහන්සේලා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් අද (18) පෙරවරුවේ කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.

වඳ සැත්කම් සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින වෛද්‍ය සාෆි ෂියාබ්දීන් මහතාට හිඟ වැටුප් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට කරන ලද නියෝගයට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව අරඹා තිබිණි.

මේ අවස්ථාවට එම වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල අධිකරණයේ පැවැත්වෙන නඩුව සඳහා අගතියට පත් මවුවරුන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන්  ද සහභාගි වී සිටියහ.

දේශහිතෛෂී ජාතික සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර, සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති ජඹුරේවෙල චන්දරතන හිමියන්, කුරුණෑගල ශාසනාරක්ෂක බළ මණ්ඩලයේ ලේඛකාධිකාරී වීරපොකුණේ සුමංගල හිමියන්ද සහභාගි වූහ.

( පුෂ්පකුමාර ජයරත්න සහ  අධිකරණ අනුර ජයන්ත )