― political ―

තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. බොහෝ දෙනා අසීරු බව...
HomeNewsLocalඅපි දවසේ පැය 24 ම සතියේ දවස් 7 ම වැඩ….

අපි දවසේ පැය 24 ම සතියේ දවස් 7 ම වැඩ….

මහජනතාව වෙනුවෙන් සිදුකරන විධිමත් සංවර්ධනයේදී යම්කිසි කෙනෙකුට හෝ ජන කොටසකට යම්කිසි අවස්ථාවක් අහිමි වෙනවා නම් අපි බැඳී සිටිනවා ඒ අයටත් අවශ්‍ය කරන සහනය ලබා දෙන්නට. විශේෂයෙන්ම අපට මේ කඩපෙලවල් වෙනස් කරන්නට සිදුවෙනවා නම් සාකච්ඡුා කර ඒ අයටත් අවශ්‍ය විසඳුම් ලබා දෙමින් තමයි අපි ඉදිරියට යන්නේ යැයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

නාගරික සංවර්ධන, අපද්‍රව්‍යා බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙම අදහස් පළ කර සිටියේ දීප ව්‍යාප්ත ‘දැයක් නගන – සියක් නගර’ වැඩසටහන යටතේ පාදුක්ක නගරය සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ඒ අනුව, රුපියල් මිලියන 19.8 ක ප‍්‍රතිපාදන මත පාදුක්ක නගරයේ පදික මංතීරු සහ භූමි අලංකරණ කටයුතු, නගරයේ හරිත පරිසරයක් ඇති කිරීම සහ වාහන නැවතීමේ පහසුකම් වැඩිදියුණු කිරීම සිදු කරනු ලබයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අපි සතුටු වෙනවා අද දැයක් නගන සියක් නගර වැඩසටහනේ පාදුක්ක නගර සංවර්ධනය ආරම්භ කිරීමට ඔබතුමන්ලා සමග සම්බන්ධ වීමට ලැබීම ගැන. පාදුක්ක නගරයට මෙය ලබාගැනීම සඳහා ඔබතුමන්ලා සෑහෙන මහන්සියක් උනා පහුගිය කාලේ. මොකද මේ රටේ තිබෙන නගර ගණනාවක් අතුරින් අපට සියයි තෝරාගන්න පුළුවන් උනේ. ඒ සියය අතරට පාදුක්ක නගරය තෝරා ගැනීම සම්බන්ධයෙන් මහජනතාව ඔබතුමන්ලාගේ දේශපාලන අධිකාරියට ස්තූතිවන්ත වෙන්නට ඕනේ.

අපි දන්නවා රටක පරිපාලනය ගැන කතා කරන කොට, විවිධාකාර ක්‍ෂේත‍්‍ර තිබෙනවා කළමණාකරණය කිරීමට. ඒ නිසා තමයි ආණ්ඩුවකට කැබිනට් මණ්ඩලයක්, රාජ්‍ය අමාත්‍යවරු, ලේකම්වරු, දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු, ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු, ප‍්‍රාදේශීය සභා වගේ විශාල යාන්ත‍්‍රණයක් තිබෙන්නේ. මේ සියළු දෙනාට විවිධ වගකීම් පැවරිලා තිබෙනවා. මම හැම තිස්සෙම විශ්වාස කරන දෙයක් තමයි අපි හැමෝම අපට ලබාදී තිබෙන වගකීම හරියට ඉටු කරනවා නම් මේ සියල්ල එකින් එක එකතු වෙලා අවසානයේ අපිට අපි බලාපොරොත්තු වන ප‍්‍රතිඵලය ලබාගන්න පුළුවන් කියලා.

අපේ රටේ සංවර්ධනය කිරීමට අවශ්‍ය කරන දැක්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය හරහා අපට ලබාදී තිබෙනවා. මේ රටේ සෑම ක්‍ෂෙත‍්‍රයකටම අදාල වෙන දර්ශනය දැක්ම, ප‍්‍රතිපත්ති එතන තිබෙනවා. ඒකට තමයි මේ රටේ 69 ලක්ෂයක් ඡුන්දය දුන්නේ. දැන් අපට තිබෙන වගකීම තමයි ඒක කි‍්‍රයාත්මක කිරීම. කි‍්‍රයාත්මක කිරීම සඳහා අපි හැමෝම අපේ ක්ෂෙත‍්‍රය තුළ උපරිම මට්ටමින් කටයුතු කළ යුතුයි.

නාගරික සංවර්ධනය ගැන කතා කරනකොට, අපේ විෂය ක්‍ෂෙත‍්‍රය තුළ පසුගිය අවුරුදු එකහමාර ඇතුළත විශාල වැඩකොටසක් ඉටු කළා. අපි දවසේ පැය 24 ම වැඩ කළා. සතියේ දවස් 7 ම වැඩකළා. රටපුරා ප‍්‍රධාන ව්‍යාපෘති 300 ක පමණ වැඩ නිම කළා පසුගිය වසර එකහමාර තුළ. ඒ වගේම අපි අලූතින් පටන් ගත්ත ව්‍යාපෘති අතර එක් ප‍්‍රධාන ව්‍යාපෘතියක් තමයි සියක් නගර වැඩසටහන. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ රට පුරා විසිරී තිබෙන කුඩා නගර තෝරාගෙන විශේෂයෙන්ම ජනතාව වැඩිපුර සංක‍්‍රමණය වන නගර තෝරාගෙන ඒවා සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල. ඒ හරහා තමයි මේ පාදුක්ක නගරයත් අපි තෝරාගනු ලබන්නේ. අපි දන්නවා රට සංවර්ධනය කරන්නට නම් වර්ග කි.මි. 65000 ක් වන මේ පුංචි රටේ හැම තැනකටම සංවර්ධනය බෙදී යන්න ඕනේ. ඒ බෙදී යාම සඳහා අත්‍යාවශ්‍යයෙන්ම සිදුවිය යුතු දෙයක් තමයි රටේ හැම තැනම සම්බන්ධීකරණය වන විදිහට මාර්ග පද්ධතියක් ගොඩ නැගෙන එක. ඔබට මතක නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සමයත්, ඒ වගේම පසුගිය වසර දෙකේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලෙත් විශාල අවධානයක් යොමු උනා අධිවේගී මාර්ග, මහා මාර්ග, ග‍්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා. ඒ හරහා අපි මුළු රටම එකිනෙකට සම්බන්ධ කර තිබෙනවා. ඒත් සමගම ඊ ළ`ගට විය යුතු දේ තමයි ඒ සම්බන්ධවන නගර, ගම්මාන සඳහා සංවර්ධනය ගෙන එන්නට ඕනේ. ඒ නිසා පසුගිය කාලයේ කරපු මහාපරිමාණ ව්‍යාපෘති පැත්තකින් තියලා ගමට වැදගත්, කුඩා නගරවලට වැදගත් කරුණුවලට මුල්‍ය ප‍්‍රතිපාදන වෙන් කරන්න තීරණය කරලා තිබෙනවා පසුගිය වසරේ සහ ඉදිරියට එන වසරවල.

ඒ අනුව අපි මේ පටන් ගන්න වැඩපිළිවෙල මා හිතන්නේ මාස හයක් වැනි කාලයක් තුළ මේ සංවර්ධන වැඩ කටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙනවා මේ සියක් නගර වශයෙන් තෝරාගත් සෑම නගරයකටම, ඒ ආශ‍්‍රිතව ඉදිරි වසර 3 පුරාම විවිධ ප‍්‍රතිපාදන ගෙන එමින් තවත් සංවර්ධන කටයුතු කරගෙන යන්නට. ඔබලාගේ පොදු වෙළෙඳපල සකස් වෙලා තිබෙනවා. බස්නැවතුම්පල සංවර්ධනය විය යුතුයි. නිවාස, මහල් නිවාස සංකීර්ණ මේ ප‍්‍රදේශවලට ආ යුතුයි. එවැනි සංවර්ධන කටයුතු රාශියක් අපි සාකච්ඡුා කර තිබෙනවා. මා ආරාධනා කර තිබෙනවා තමුන්නාන්සේලාගේ දේශපාලන අධිකාරියට ඇවිල්ලා අපත් සමග සම්බන්ධවෙලා සාකච්ඡුා කරන්න ඔබතුමාලට අවශ්‍ය විදිහට, ඔබතුමාලගේ ජනතාවට අවශ්‍ය විදිහට ඒ කටයුතු සැලසුම්කරලා දෙන්නට අපි සූදානම්.

අපි සංවර්ධනය කරන කොට හැම තිස්සේම අපි සංවර්ධනය කරන්නේ ජනතාව වෙනුවෙන්. අපි නගර විධිමත්ව සංවර්ධනය කළොත් පමණයි ඒ නගර ආකර්ශණීය නගර වෙන්නේ. පෞද්ගලික අංශයත් ඇවිල්ලා ආයෝජනය කරන්නේ. ඒවාට ජනතාව ඇදිලා එන්නේ. සමස්ථ සංවර්ධනය වෙලා ඉඩකඩම්වල වටිනාකම වැඩිවෙලා ජනතාවට ප‍්‍රතිපාදන ලැබෙන්නේ ඒවා විධිමත්ව සකස් කරන කොට. හැබැයි විධිමත් සංවර්ධනය කරන ගමන්ම එම සංවර්ධනය නිසා කිසියම් ජන කොටසකට යම්කිසි අවස්ථාවක් අහිමි වෙනවා නම් අපි බැඳී සිටිනවා ඒ අයටත් අවශ්‍ය කරන සහනය ලබා දෙන්නට. විශේෂයෙන්ම අපට මේ කඩපෙලවල් වෙනස් කරන්නට සිදුවෙනවා නම් සාකච්ඡුා කර ඒ අයටත් අවශ්‍ය විසඳුම් ලබා දෙමින් තමයි ඉදිරියට යන්නේ. මොකද අවසානයේදී මේ සිදු කරන සියළු සංවර්ධනක කටයුතු වලින් ජනතාව සෑම කෙනෙක්ම ප‍්‍රතිලාභ ලබන්න ඕනේ කියන තැන අපි ස්ථිර වශයෙන්ම ඉන්නවා’ යැයි පැවසීය.

ඩබ්. ඒ. උදිත පුෂ්ප කුමාර
මාධ්‍ය ලේකම්