― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකොස් ගෙඩියක් රුපියල් දාහයි..

කොස් ගෙඩියක් රුපියල් දාහයි..

දර්ගා නගරය දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය අසල කොස් අලෙවිකරණ වෙළෙන්දෙකු ලඟ කොස් ගෙඩියක මිල අද (24) රුපියල් දහසක් බව පාරිභෝගිකයෝ කියති.

ගෙඩියක් මිලදී ගැනීමේදී රුපියල් දාහක් වන අතර ගෙඩියක් හයට කපා ඉරුවත් අලෙවි කරනු ලබන්නේ රුපියල් දෙසීයට බව කියයි .

රට තුළ පවතින භාණ්ඩ මිලට සාපේක්ෂව කොස් මිල ද ඉහළ දැමීමට තමන්ට සිදුව ඇත්තේ කොස් ගස් හිමීයන්ද පසුගිය කාලයන්වලදී ඉතා අඩු මිලට දුන් කොස් ගෙඩියක මිල ඉහල දමා තිබීම හේතුවෙන් බව විමසීමේ දී එම වෙළෙන්දා පැවසීය.

ඇතැම් වෙළඳුන් කොස් ගස් හිමියන්ගෙන් දුක කියා නොමිලේ ලබාගන්නා කොස් ගෙඩි ද වැඩි මිලට විකිණීමට කටයුතු කරන බව පාරිභෝගිකයින් කියයි .

– තුසිත කුමාර ද සිල්වා