30.6 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅගමැති තිරුපති ගියේ පුද්ගලික වියදමෙන්.

අගමැති තිරුපති ගියේ පුද්ගලික වියදමෙන්.

ඉන්දියාවේ දෙදින පෞද්ගලික සංචාරයක නිරත අග්‍රාමාත්‍ය පක්ෂ මහතා 24 උදෑසන තිරුපති දේවාලයට ගොස් එහි ආගමික වතාවත්වල නිරත විය.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඒ අනුව අග්‍රාමාත්‍යතුමා ඇතුළු පිරිස වෙනුවෙන් තිරුපති දේවාලයේ අද විශේෂ ආශිර්වාද පූජාවක්  පැවැත්විණි.

මෙම පෞද්ගලික සංචාරය සඳහා අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය මුදල් භාවිතයට ගෙන නොමැති අතර සියලු වියදම් පෞද්ගලිකව දරා තිබේ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්