ලොව දිනන දරු පරපුරක් උදෙසා සජිත්ගේ “සක්වල” නියමු ව්‍යාපෘතිය ඇරඹෙයි!
නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, “සක්වල” අද (30) ආරම්භ විය.
දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක “සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙහි නියමු ව්‍යාපෘතිය ලෙස රුපියල් අටලක්ෂ හැත්ත හය දහස් එකසිය පනහක් (රු. 876,150.00) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ තණමල්විල බෝදාගම මහා විද්‍යාලයට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පරිත්‍යාග කළ අතර අදාල පරිත්‍යාග විදුහල්පති ඩබ්.පී. සෝමරත්න මහතා වෙත භාරදෙනු ලැබීය.
විපක්ෂ නායකතුමාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සක්වල” වැඩසටහන මෙරට දුෂ්කර පාසල් පද්ධතිය තුළ අධ්‍යාපනය හදාරන දුවාදරුවන්ගේ නවීන තාක්ෂණික දැනුම වර්ධනය කිරීම අරමුණු කොට ගනිමින් නිර්මාණය කොට ඇත.




