ලබන්නා වූ නව වසරට සෙත් පතා ඓතිහාසික කතරගම පූජා භූමියේ පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගී වීමට පැමිණ සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත්හ. අද (31) පස්වරුවේ කිරිවෙහෙර රජමහා විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ධම්මින්ද හිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විචාරමින් කෙටි පිළිසඳරක නිරත වූහ. අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ සහ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
