27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඋදව් ඉල්ලා බන්දුල පාකිස්තානයට

උදව් ඉල්ලා බන්දුල පාකිස්තානයට

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.

ලබන 23 වනදා එම සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර ‍වෙළෙඳ අමාත්‍යවරයා සමග ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින් පිරිසක් මෙලෙස සංචාරයේ නිරත වන බව වාර්තා වේ.

දෙරටේ වෙළෙඳ හා ආයෝජන සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම සංචාරය සිදු කෙරෙන බව සඳහන් වේ.

මීට අමතරව පාකිස්තානයේ ඖෂධ සහ රෙදිපිළි ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.