26.1 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඔබ දන්නවාද මී පැණිත් පිටරටින් ගේන බව

ඔබ දන්නවාද මී පැණිත් පිටරටින් ගේන බව

මෙරට මී පැණි නිෂ්පාදකයින් ගැන හෝ මී පැණි නිෂ්පාදනය පිළිබඳව 2016 වසරින් පසුව තොරතුරු එකතු කර නැතැයි අනාවරණය වේ.

බිඳුුණුවැව මීමැසි සංවර්ධන ඒකකය විසින් මෙම තොරතුරු රැස්කළ යුතු වුවත්, එම ආයතනය විසින් එම කටයුතු නිසියාකාරව සිදුකර නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආරංචිමාර්ග කියයි. මෙරට වාර්ෂික මී පැණි අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 250 ක් පමණ වන අතර, ඉන් මෙරට නිෂ්පාදනය කෙරෙන්නේ මෙට්‍රික් ටොන් 75 ත් 80 ත් අතර ප්‍රමාණයකි.

මෙරටට අවශ්‍ය ඉතිරි මී පැණි ප්‍රමාණය චීනය, ඉන්දියාව, තායිලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ආදී රටවල්වලින් ආනයනය කෙරෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

සාලිය කුමාර ගුණසේකර