26.7 C
Colombo
Saturday, May 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalදින 4ට ඩෙංගු ආසාදිතයන් 857ක්

දින 4ට ඩෙංගු ආසාදිතයන් 857ක්

මේ වසරේ ආරම්භයේ සිට ගත වූ දින හතර තුළ ඩෙංගු වෛරස ආසාදිතයන් 857ක් වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශිලන්ති සෙනෙවිරත්න පවසයි.

දිස්ත්‍රික්ක 15ක් මුල් කර ගනිමින් විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ඊයේ (04) සිට රට පුරා ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මදුරු මර්දන ඒකකය පියවර ගෙන තිබේ.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, යාපනය, මඩකලපුව, මන්නාරම, ත්‍රිකුණාමලය, ගාල්ල, මාතර, කුරුණෑගල, පුත්තලම, බදුල්ල, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්ක 15 තුළ පිහිටි ඩෙංගු මදුරුවන් බෝ විය හැකි වැඩි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 81ක් මුල් කර ගනිමින් මේ වැඩසටහන ක්‍රියාත්මකයි.