29.5 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් ටැංකි ගිවිසුමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

තෙල් ටැංකි ගිවිසුමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සඳහා ඉන්දීය සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ගිවිසුම බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ජාතික භික්ෂු පෙරමුණේ ලේකම්, පූජ්‍ය වක්මුල්ලේ උදිත හිමියන් විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, එහි සභාපතිවරයා, ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පුද්ගලික සමාගම, විගණකාධිපති, ලංකා අයි.ඕ.සී. සමාගම, ආරක්ෂක ලේකම් ඇතුළු 47 දෙනෙකු නම්කර තිබේ.