26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෛත්‍රීපාලගේ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

මෛත්‍රීපාලගේ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

තමන් පළමු විත්තිකරු ලෙස නම් කරමින්, පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් හා අගතියට පත් පවුල් පැවරූ නඩු විභාගයට ගැනීමකින් තොරව නිශ්ප්‍රභ කරන්නැයි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ, සදාකාලික අබාධිත වූ හා අගතියට පත්වූ පවුල්වල සාමාජිකයින් පිරිසක් විසින් මෙම නඩුව පවරනු ලැබ තිබිණ.