29.5 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව කොරියාවෙන් ඩොලර් ඉල්ලයි

ශ්‍රී ලංකාව කොරියාවෙන් ඩොලර් ඉල්ලයි

කොරියානු ජනරජයේ එක්සිම් (EXIM) බැංකුවෙන් ඉහළ ඩොලර් ආධාර සහ කොයිකා (KOICA) වෙතින් පුළුල් සංවර්ධන ආධාර ඉල්ලමින් අමාත්‍ය ජී.එල් පීරිස් යොමු කළ ඉල්ලීමට දකුණු කොරියානු විදේශ අමාත්‍ය චුන්ග් යුයි-යොන්ග් මහතා ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාව තුළ විශේෂයෙන්ම පරිගණක තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ඖෂධ නිෂ්පාදනය යනාදී ක්ෂේත්‍රවල ඉහළ ආයෝජන අවස්ථා පිළිබඳව සලකා බැලීමට දකුණු කොරියානු පෞද්ගලික අංශය සම්බන්ධ කර ගන්නා බව කොරියානුු ජනරජයේ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.