― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන් යානයක් දුම්රියක ගැටේ

ගුවන් යානයක් දුම්රියක ගැටේ

කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර කුඩා සැහැල්ලු ගුවන් යානයක් දුම්රියක ගැටීමේ පුවතක් වාර්තා වේ.

දුම්රියේ ගැටුණු කුඩා ගුවන් යානය සුනුවිසුණු වූ නමුත් යානයේ නියමුවා බේරා ගැනීමට ලොස් ඇන්ජලීස් පොලිස් නිලධාරීහු සමත් වූහ.

යානය දුම්රිය මාර්ගයට නුදුරින් පිහිටි ස්ථානයකින් ගුවන්ගත වී ඇති බවත්, ගුවන්ගත වූ සැණින් එහි දෝෂයක් හටගෙන ඇත. නියමුවා යානය, කෙසේ හෝ ගොඩ බා ඇත්තේ දුම්රිය හරස් මාර්ගයක් මතටය.

එම අවස්ථාවේදී රේල් ගේට්ටු වැසී තිබුණු අතර, දුම්රියක් ධාවනය වෙමින් තිබුණි.

අවට සිටි පොලිස් නිලධාරීන් කීපදෙනකු වහා ක්‍රියාත්මක වී යානයේ නියමුවා පිටතට ගත් සැණින් දුම්රිය යානයේ ගැටෙන අයුරු වීඩියෝ දසුන්වල දකින්න ලැබේ.

යානයේ සිටින්නේ ද නියමුවා පමණි. තුවාල ලැබූ ඔහු කඩිනිමින් රෝහල් ගත කෙරුණි.

වේගයෙන් ධාවනය වූ දුම්රියට සුළු හානි සිදුවී ඇති නමුත්, දුම්රියේ රියැදුරන්ට හෝ දුම්රියේ සිටි වෙන කිසිවකුට හෝ අනතුරක් සිදුනොවිණි.