― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල්ගේ ඉන්දියානු සංචාරය අවලංගුයි

බැසිල්ගේ ඉන්දියානු සංචාරය අවලංගුයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සැලසුම් කර තිබූ ඉන්දියානු සංචාරය අවලංගු කර තිබේ.

ඉන්දියාව පුරා යළි සීඝ්‍රයෙන් පතිර යන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් බැසිල් රාජපක්ෂට එම සංචාරය අවලංගු කිරීමට සිදුවී ඇත. ගුජරාට් ප්‍රාන්ත්‍රයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ගෝලීය ආයෝජන සමුළුවේ දස වෙනි සැසිවාරයට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහභාගී වීමට නියමිතව තිබූ අතර එම සංචාරයේ ප්‍රධානම අරමුණ ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට යොදාගෙන තිබිණි.

පසුගිය වසරේ දෙසැම්බර් 01 සහ 02 දෙදින නිල සංචාරයක් සඳහා බැසිල් රාජපක්ෂ එහි ගිය අතර එම සංචාරයේදී ආර්ථික සහ දේශපාලනික ඉන්දීය උපායමාර්ගික සැලසුම් 4කට ලංකාව වෙනුවෙන් එකඟ වී තිබිණි. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය අවුරුදු 50ක් සඳහා ඉන්දියාවට පවරාදීමේ ගිවිසුම අත්සන් කළේ එම උපාය මාර්ගික සැලසුම්වල ප්‍රධානම අංගය ලෙසයි.