වලපනේ කුඹල්ගමුව තැන්නහේන්වල උල්මොල්ලිය වෙල්යායේ සැරිසරමින් සිටි අඩි පහළොවක් පමණ දිග දැවැන්ත පිඹුරෙක් අල්ලා ගැනීමට පසුගියදා වලපනේ මූලස්ථාන පොලිසියේ වැඩ බලන මූලස්ථාන පොලිස් පරික්ෂක අඹගස්පිටිය මහතා සමත්ව තිබේ.
උල්මොල්ලිය වෙල්යායේ දැවැන්ත පිඹුරෙකු සැරිසරමින් සිටින බවත් එම
දැවැන්ත පිඹුරාගෙන් වෙල්යාය ආසන්නයේ නිවෙස්වල සිටින කුඩා ළමයින්ට හා මිනිස් ජීවිතවලට අනතුරක්විමට ඉඩ ඇති බව පවසමින් බියට පත් වූ ප්‍රදේශවාසීන් විසින් මෙම දැවන්ත පිඹුරා පිළිබදව වලපනේ මූලස්ථාන පොලිසියට දුරකථන
ඇමතුමක් ඔස්සේ දැනුම් දී වලපනේ පොලිසිය දැනුවත් කර ඇත.
එම අවස්ථාවේ වලපනේ මූලස්ථාන පොලිසියේ වැඩ බලන මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා ලෙස කටයුතු කරමින් සිටි පොලිස් පරික්ෂක අඹගස්පිටිය මහතා
වහාම ක්‍රියාත්මක වී තවත් පොලිස් නිලධාරියෙකු සමග දැවැන්ත පිඹුරා සැරිසරමින් සිටි වෙල්යායට ගොස් කිසිදු බියක් නොමැතිව ප්‍රදේශවාසීන්ද පුදුමයට පත් කරමින්
පිඹුරා අතින් අල්ලා ගෙන පොහොර මල්ලකට දමා වලපනේ කිර්තිබණ්ඩාරපුර
වන ජීවි කාර්යාලයට දැන්වීමෙන් පිඹුරා ආරක්ෂිත ස්ථානයකට මුදා හැරීම සදහා කටයුතු කර ඇති පුවතක් වාර්තා වෙයි.