29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල්ට නොතීසි

බැසිල්ට නොතීසි

ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබා සිටින බැසිල් රාජපක්ෂට පර්ලිමේන්තු මන්ත්‍රි ධූරයක් හෝ අමාත්‍ය ධූරයක් දැරීමට නොහැකි බවට පවසමින් උලපනේ සුමංගල හිමියන් පවරා ඇති නඩුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට අද (12) අභියාචනාධිකරණය නොතීසි නිකුත් කළේය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ අදාල නොතීසි බාර දෙන ලෙස පෙත්සම්කරුවන්ගේ පාර්ශවයට නියම කළේය. මෙම පෙත්සම ලබන 07 යළි කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.