― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහංගේරියානු විදේශ ඇමති දිවයිනට

හංගේරියානු විදේශ ඇමති දිවයිනට

නිල සංචාරයක් සඳහා හංගේරියානු විදේශ අමාත්‍ය පිටර් සියර්තෝ මහතා ඇතුළු දූත පිරිසක් අද (12) අලුයම කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණියහ.

හං‍ගේරියාවට අයත් විශේෂ ගුවන් යානයකින් හංගේරියානු විදේශ අමාත්‍යවරයා සමග දූත පිරිස ඇතුළු තවත් 20 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබීය. හංගේරියානු විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සංචාරය නිම කර අද දිනයේම පස්වරු 04.30 ආපසු පිටත්ව යාමට නියමිතය.