27.8 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධිවේගයේ අනතුරින් 16ක් ජීවිතක්ෂයට

අධිවේගයේ අනතුරින් 16ක් ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකාවේ අධිවේගී මාර්ගයක සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව අති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලිම්පොපෝ ප්‍රදේශයේදී මෙම බිහිසුණු අනතුර සිදුව ඇති අතර මගීන් රැගත් කුඩා වර්ගයේ බස් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇත.

අනතුරෙන් බස් රථය ගිනිගෙන පිපිරීමට ලක්වීමෙන් එහි සිටි මගීන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරෙන් තවත් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.