එළැඹෙන 18 වැනිදා මහ බැංකුව විසින් ගෙවීමට නියමිත ඩොලර් මිලියන 500ක ණය වාරියකය ගෙවීමෙන් ශ්‍රී ලංකාව සතු සංචිත ප්‍රමාණය ඉතා විශාල අගයකින් පහළ බැසීම මේ වන විට රට පුරාම මහත් ආන්දෝලනයකට තුඩුදුන්න මාතෘකාවක්.
මේ සම්බන්ධව ප්‍රාමාණික විද්වතෙක් වන ආචාර්ය නිශාන් ද මෙල් මහතා පවසන්නේ සංචිත විශාල වශයෙන් අඩුකර ගනිමින් ණය ගෙවා දැම්මා කියා රටට අත් වන විශේෂ සෙතක් නැති බවත් මේ වන විට ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහලට වැටී අවසාන බවත්ය.
ඔහු මේ කරුණු සදහන් කළේ යූ ටියුබ් සාකච්ඡාවකට සහභාගී වෙමින්ය.
එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ඔහු පවසා සිටියේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මෙම වර්ගීකරණය කරන්නේ “සයිඩ් කන්නාඩියෙන් පිටුපස බලා නොව වින්ඩ්ස්ක්‍රීන් එකෙන් ඉදිරිය බලා” බවයි. ඔහු පවසන ආකාරයට මෙම වාරිකය ගෙවීම තවත් කෙටි කාලයකින් ඉදිරියට ගැනීමට දැන්ම සාකච්ඡා ආරම්භ කළ යුතු අතර එම ලබා ගන්නා කාලය අතරතුර මහ බැංකුව තම සංචිත ඉහළ දමා ගැනීමට විධිමත් ක්‍රියාවලියකට සූදානම් වියයුතු බවත් නැතහොත් රට තව තවත් ආර්ථික වශයෙන් අස්ථාවර වීම නොවැළක්විය හැකි කාරණාවක් බවද හෙතෙම කරුණු දක්වමින් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිශාන් ද මෙල් කියා සිටියේ,
“මේ වෙනකොට රජය ජනතාවට කියල තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට අදහසක් නෑ වගේ දෙයක්. ඉන්දන මිල ඉදිරි මාස කිහිපයේදී 30 -50% වැඩිවෙනවා. විදුලි කප්පාදුව, ගෑස් හිඟය, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය අපිට අනිවාරෙන් බලාපොරොත්තු වෙන්න වෙනවා.ලංකාවේ ආර්ථිකය අපනයනය මත තමයි පදනම් වෙලා තියෙන්නෙ. බහාලුම් හා ප්‍රවාහන කටයුතු කරන ජාත්‍යන්තර ආයතන කියල තියෙනවා ලංකාවේ ගෙවීම් බොහෝ වෙලාවට පැහැරහැරලා තියෙනවා කියල. ඒ තත්ත්වය උඩ එයාලා ඒ සේවාව අපිට ලබා දෙන්නෙ නැතිවෙන්න ලොකු අවදානමක් තියෙනවා . එහෙම උනොත් ලංකාවේ සෑම අත්‍යවශ්‍ය භාණ්ඩයක් ම හිඟවෙන්න පටන් ගන්නවා. සැපයුම් ජාල බිඳවැටෙනවා. විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලංකාවට ලොකු ආදායමක් ලැබෙනවා. ඉදිරියේදී විදෙස්ගත වෙන්න ඉන්න අයට ගුවන් ප්‍රවේශපත් මිලදී ගැනීමේදී ඒ ආයතන අනතුරු අඟවනවා. ඒකෙන් ලංකාවට ලැබෙන ලොකු ආදායමක් අහිමි වෙන්න ඉඩ තියෙනවා. පසුගියදා චීන නිලධාරීන් වරාය නගරයට ගියා. අපි දන්නෙ නෑ එයාලා මොන වගේ අවබෝදතා ගිවිසුමකට එලඹෙන්න එකඟ උනාද කියල. මේ විදියට ඉදිරි මාස තුනක් යන්න උනොත් එක එක රටවල නියෝජිතයො ඇවිත් තම තමන්ගෙ පංගු බෙදාගෙන අරගෙන යන තත්ත්වයක් දැකගන්න හැකිවේවි. රටක ආර්ථිකය මෙහෙයවීමේදී ඒ පිළිබඳව දැනුමක් නැති අය කරන හානිය වගේම හානියක් වෙන්වා න්‍යායාත්මක දැනුමක් පමණක් තියෙන අයගෙන් උපදෙස් ගැනීමේදී.” බවයි