27.8 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsට්විටර් තහනම ඉවතට

ට්විටර් තහනම ඉවතට

නයීජීරියාව තුළ පනවා තිබු ට්විටර් තහනම ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය ජුනි මස සිට මාස 07ක කාලයක් එරට ට්විටර් සමාජ මාධ්‍ය භාවිතය තහනම් කෙරුණි. නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරිගේ ප්‍රකාශයක් ට්විටර් ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඇතිවූ ගැටළුවක් හේතුවෙන් එරට තුළ ට්විටර් භාවිතය අත්හිටවනු ලැබීය.

නයිජීරියානු රජය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ අනුමැතිය පරිදි ට්විටර් තහනම ඉවත් කිරීමට කටයුතු කරන බවයි.