27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරටේ අර්බුද ගැන කතා කරද්දි ආණ්ඩුව අපිව මගහරිනවා

රටේ අර්බුද ගැන කතා කරද්දි ආණ්ඩුව අපිව මගහරිනවා

ආණ්ඩුව පත්වීමෙන් පසු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සමාජවාදී දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට මේ වන තුරු අවස්ථාවක් ලැබී නැතැයි සමාජවාදී ජනතා පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.

රටේ ඇති වී ඇති අර්බුද පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කිහිප අවස්ථාවකදීම ආණ්ඩුවේ ඉහළ පෙළේ නායකයන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටියද මේ වන තුරු ඒ සඳහා අවස්ථාවක් නොලැබුණු බවද තිස්ස විතාරණ මහතා පැවැසුවේය.

වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට තම දේශපාලන සන්ධානය, විශාල මෙහෙයක් සිදුකළ බවද තම දේශපාලන අදහස් ප්‍රකාශ කිරීම සඳහා සාකච්ඡාවක් ලබා දීමට ආණ්ඩුවේ නායකයන් ක්‍රියා කළ යුතු බවද මහාචාර්ය තිස්ස විතාරණ පැවැසුවේය.