Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

ETCA එපා !!!

ETCA එපා !!! එට්කා ඇතුළු ඉන්දියන් ආක්‍රමණයන් පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය. කොළඹ මහජන පුස්තකාල හා ප්‍රලේඛන ශාලාව දෙවන පරපුර https://www.youtube.com/watch?v=T1OWr8LyE7o&list=PLtxGeCUplFK6lG8dY_3P1jmTruhoPRM5n
HomeNewsLocalරාජ්‍ය සේවය සම්බන්ධයෙන් රජය කරමින් සිටින බරපතළ කුමන්ත්‍රණය

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් රජය කරමින් සිටින බරපතළ කුමන්ත්‍රණය

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් රජය බරපතළ කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.
අද 18 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පවසා සිටියා.

වැඩි දුරටත් අදහස් දැක් වු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව

විශ්‍රාම වැටුප පිළිබඳව පසුගිය වසර ගණනාව තිස්සෙම විවිධ සාකච්ඡා සිද්ධ වුණා.
 පොදුවේ රාජ්‍ය සේවය සහ හමුදාවට අදාලවත් විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම සඳහා අවශ්‍ය පියවර ආණ්ඩුව ගෙන තිබෙනවා.
 2016 පහුගිය යහපාලන ආණ්ඩුව ගෙන ආවා ලංකාවේ විශ්‍රාම වැටුප සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා කියලා  දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්.
 පසුව මේ සම්බන්ධයෙන් විශාල විරෝධතාවයක් මතු වුණා.
 රජයේ සේවයට අලුතෙන් බැඳෙන සේවකයින්ගේ පත්වීම් ලිපියේ නිශ්චිතව සඳහන් කරලා තියෙන්නෙ ඉදිරියේදී රජය ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දුවකට අනුව ඔබගේ විශ්‍රාම වැටුප් ක්‍රමවේදය තීරණය වෙනවා කියලා.

තවමත් 2016 යෙන්   පස්සේ රාජ්‍යය  සේවයට බැඳුන ලක්ෂ ගණනකගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන නෑ. ඔවුන්ගේ විශ්‍රාම වැටුප තියෙන්නෙ අවදානමක.
 ගෙනාපු දායකත්ව විශ්‍රාම වැටුප් යෝජනාව දොර පිටිපස්සේ හංගගෙන තියාගෙන ඉන්නවා.

ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා රාජ්‍ය සේවයේ පිරිමි සේවකයෙක් ගේ විශ්‍රාම ගැන්වීමේ වයස  අවුරුදු 60 ඉඳලා 65 දක්වා. රජයේ සේවිකාවකගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු පනස් පහේ ඉඳලා 60 දක්වා දීර්ඝ කිරීමට තීරණය කරලා තියෙනවා.
 සමහර හිතෙනවා කමක් නෑ මේක දීර්ඝ කරාට කැමති අයට ඉන්න පුළුවන් කැමති නැති අයට යන්න පුළුවන් කියලා.
 නමුත් මේක එන්නේ ඒ විදිහට නෙමෙයි කැමති කෙනෙකුට යන්න පුළුවන් 55 න්කාන්තාවන්  ට
 කැමති කෙනෙකුට 60න් යන්න පුළුවන් පිරිමින්ට නමුත් ඒ ගිහාම විශ්‍රාම වැටුප හිමි වෙන්නේ ඔවුන් මේ කියන දවසට අනුව

 හැටෙන් විශ්‍රාම යන්න පුළුවන් නමුත් විශ්‍රාම වැටුප හිමිවෙන්නෙ හැට පහෙන්.
 55න් කාන්තාවකට විශ්‍රාම යන්න පුළුවන් විශ්‍රාම වැටුප හම්බ වෙන්නේ අවුරුදු 60 න්
 කිසි කෙනෙකුට තමන්ගේ කැමැත්තට අනුව මේක කරන්න හම්බ වෙන්නේ නැහැ.
 කිසිකෙනෙකුට විශ්‍රාම වැටුපක් නැතුව අවුරුදු පහක් ගත කරන්න බැහැ.

මේ හමුදාවට නිකුත් කරලා තියෙන චක්‍රලේඛය මේක නිකුත් කරල තියෙන්නෙ පහුගිය ජනවාරි මාසෙ එකොළොස් වැනිදා මේ චක්‍රලේඛය අනුව ත්‍රිවිධ හමුදාවල සෙසු නිලයන් සඳහා විශ්‍රාම ගැන්වීමේ වයස සාමාන්‍යයෙන් පිරිමියෙකුට අවුරුදු විසි දෙකයි කාන්තාවකට අවුරුදු පහළොවයි.
 මේ කාල පරිච්ඡේදයෙන් පස්සේ ඔවුන්ට විශ්‍රාම යන්න පුළුවන්. මේකට හේතුව තමයි එක්තරා කාලයක බරපතළ යුද මෙහෙයුම් වල තමා මේ අය නිරත වුණේ. ඒ පීඩනය ප්‍රශ්න ගැටලු අවුරුදු 22 ජීවිතය ගලවා ගෙන ඉඳීමත් මේ සියලු කරුණු පදනම් කරගෙන තමයි රජයේ අනිත් අයට වඩා කලින් විශ්‍රාම ගැන්වීමේ වයසක් දීලා තිබුනේ.
 මේ ගොල්ලො කරන්නෙ අවුරුදු විසි දෙකෙන් විශ්‍රාම යන්න තිබුණ කාලය හරියටම අවුරුදු දහයකින් දික් කරනවා. අවුරුදු 32 කරනවා. කාන්තාවන්ට අවුරුදු පහළොවෙන් විශ්‍රාම යන්න තිබුණ හැකියාව අවුරුදු 20 දක්වා අවුරුදු 5කින් දීර්ඝ කරලා තියෙනවා.
 මේක නිසා හමුදාවේ සෙසු නිලයන්ගේ සාමාන්‍ය සෙබළ සෙබළියන්ගේ මේ සියලු දෙනාගේ අති විශාල පීඩනයක් නිර්මාණය වෙලා තියෙනවා.
 පහුගිය වසරවල ආරක්ෂක වියදම 2022 බිලියන 373 ආරක්ෂක වියදම. 2021 තුන්සිය හතළිස් එකයි. 2020 දෙසිය අනූ පහයි.
 යුද්ධය තිබිච්ච අවුරුද්දේ කීයද  බිලියන එකසිය අසූ නමයයි.
 2009 යුද්ධය ඉතාම ඉහළින් ම ක්‍රියාත්මක වෙච්ච කාලපරිච්ඡේදයේ බිලියන 189 ආරක්ෂක වියදම.
 දැන්  ඒක වගේ දෙගුණයක ආරක්ෂක වියදමක් දැන් ක්‍රියාත්මක කරනවා. දෙගුණයක ආරක්ෂක වියදමක් ක්‍රියාත්මක වෙද්දී අද වෙනකොට හමුදාව ඇතුලෙ විශාල අතෘප්තියක්‌  නිර්මාණය වෙලා තියෙනවා.
 සමාජ මාධ්‍ය වල කෑම එක ෆොටෝ ගහලා දාපු අවස්ථා තියෙනවා.
 තම දුවා දරුවන් ඉතාම කුඩා අවධියේ පසු වීම හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන සහ අනෙකුත් අවශ්‍යතා සැපිරීම වෙනුවෙන් තමා විසින් සිදුකරන ලද ගෞරවාන්විත සේවය පසෙකලා  ඇතැම් අය වෙනත් සිවිල් වෘත්තීන්වල වරහන් ඇතුලෙ දාල ත්‍රීරෝද රථ රියදුරු පුද්ගලික අංශ ආරක්ෂක සේවාවන් පෙදරේරු වඩුකාර්මික ආදී සේවාවන් වල නිරත වෙන අතර විවිධ නීති විරෝධී ක්‍රියාවන්වල නිරත වීම් ද දක්නට ලැබේ හමුදාවෙන්ම ගහපු මේ ලේඛනයේ සඳහන් කරලා තියෙනවා හමුදාවෙන් විශ්‍රාම යන අය විවිධ නීති විරෝධී ක්‍රියා වල නිරත වෙනවා කියලා ඒගොල්ලො කියලා තියෙනවා.

 මේ ඔක්කොම කියලා ලෑස්ති වෙන්නේ තව අවුරුදු දහයකට තව අවුරුදු පහකට ඔවුන්ව මේ සේවාවන්වල තියාගන්න. මේක ඔවුන්ට අති විශාල පීඩනයක්.