29.5 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු ප්‍රහාරයේ කරමතින් ආණ්ඩුව බලය ගත්තා

පාස්කු ප්‍රහාරයේ කරමතින් ආණ්ඩුව බලය ගත්තා

මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ආණ්ඩුව ජනතාව ඉදිරියේ තැබූ පොරොන්දු අතර පාස්කු ප්‍රහාරයේ සුලමුල සෙවීම ප්‍රමුඛස්ථානයක තිබූ බවත් පාස්කු ප්‍රහාරයෙන් අහිමි වූ ජීවිත මෙන්ම ලේ මස් ඇට නහර මතින් බලයට පැමිණි ආණ්ඩුවට එහෙම මහ මොළකරුවන් ඇතුළු සියලු දෙනා සෙවීමේ වගකීමක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථාන ගොඩනැගිල්ලේ බෝම්බයක් තිබී හමුවීම පිළිබඳව ප්‍රවෘත්තියක් පසුගිය දිනවල වාර්තා වූ අතර ඒ පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායකවරයා අද (19) පෙරවරුවේ එම දේවස්ථානය වෙත පැමිණි අතර එහිදී විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.