28.9 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalරත්මලානේ ගණිකා නිවාසයක් වටලයි

රත්මලානේ ගණිකා නිවාසයක් වටලයි

ගල්කිස්ස පොලිස් වසමේ වෙඩිකන්ද පාර – රත්මලාන ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබේ.

එම අවස්ථාවේදී ගණිකා නිවාසය කළමනාකරණය කළ හා ගණිකා වෘත්තියේ යෙදී සිටි අදහසින් එහි රැඳි සිටි කාන්තාවක් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 34 – 51 අතර වයස්වල පසුවෙන කොට්ටාව, පොළොන්නරුව, නාරම්පනාව, මිද්දෙණිය, රත්මලාන හා පානදුර යන ප්‍රදේශවල පදිංචිකාරිනියන්ය.

සැකකාරියන් අද (19) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.