26.1 C
Colombo
Sunday, February 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅනියම් සැමියාගේ ආයුධ පහරින් කාන්තාවක් ජීවිතක්ෂයට

අනියම් සැමියාගේ ආයුධ පහරින් කාන්තාවක් ජීවිතක්ෂයට

වෙලගෙදර, ගෝනදෙනිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර පසුව ඔහුද ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

අදාළ කාන්තාවගේ අනියම් සැමියා බවට සැකකෙරෙන පුද්ගලයෙකු විසින් ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ 41 හැවිරිදි ගෝනදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.
මියගිය කාන්තාව දුව සමග ජීවත්ව ඇති අතර සැමියා හැරදා ගොස් ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඝාතනය සිදුකළ සැකකරු ද සිය නිවසට ආසන්න පාළු නිවසක් තුළ දී ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

ඔහු 41 හැවිරිදි ගෝනදෙනිය ප්‍රදේශයේම පදිංචිව සිටි අයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වෙලගෙදර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.