27.8 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය එළියට

විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය එළියට

රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කිරීමට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ අත්සනින් යුක්තව නිකුත් කර තිබේ.

ඒ අනුව මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රජ්‍ය සේවකයින්ගේ අනිවාර්යය විශ්‍රාම යා යුතු වයස් සීමාව අවුරුදු 65 ලෙස සංශෝධනය කර ඇත.

ඕනෑම රාජ්‍ය සේවකයෙකුට වයස අවුරුදු 55න් පසුව විශ්‍රාම යාමට හැකි වන අතර අවුරුදු 65 පිරුණු පසු අනිවාර්යෙන්ම විශ්‍රාම ගත යුතු බව නව ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.