27.8 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ කොරෝනා රෝගීන් ලක්ෂ 32ක්

ඊයේ කොරෝනා රෝගීන් ලක්ෂ 32ක්

සීඝ්‍රයෙන් පැතිර යන ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය හමුවේ ඊයේ (19) පමණක් ලොව පුරා ආසාදිතයින් 3,312,368 දෙනෙකු වාර්තා වී තිබේ.

ඒ අනුව වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් (574347) සටහන් වන අතර දෛනික මරණ 1,948කුත් එරටින් වාර්තා වේ.

දෙවනුවට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ප්‍රංශයෙන් වාර්තා වන අතෑඅ එම සංඛ්‍යාව 436,167කි. අසල්වැසි ඉන්දියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 31,5158 ලෙස දැක්වෙන අතර බ්‍රසීලයේ ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 22,310ක් ලෙසයි.

ඊට අමතරව බ්‍රිතාන්‍ය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ ජර්මනියෙන් ලක්ෂය ඉක්මවූ ආසාදිතයින් වාර්තා වී තිබේ. මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 339,013,668 දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 5582615ක් ලෙස ඉහළ ගොස් තිබේ.