31.7 C
Colombo
Tuesday, April 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය හෙටත්

ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය හෙටත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය ජනවාරි 18 වැනිදා නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය විවෘත කරමින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ජනවාරි 19 සහ 20 දෙදින පවත්වන ලද කල්තැබීමේ විවාදය හෙට (21) දිනයේදීත් පැවැත්වීමට තීරණය වී ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පැවසීය.

මේ අනුව ආණ්ඩු පාර්ශවයේ සහ විරුද්ධ පාර්ශවයේ එකඟත්වය මත හෙට පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිත ය. එදින ප.ව 12.30 සිට 1.30 දිවා විවේකය සදහා කාලය වෙන් කර ඇත.