27.8 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදකුණු කොරියානු කථානායක දිවයිනට

දකුණු කොරියානු කථානායක දිවයිනට

සිව්දින නිල සංචාරයක් සඳහා දකුණු කොරියානු කථානායකවරයා දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (19) රාත්‍රී සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කොරියානු කථානායකවරයා ඇතුළු දූත පිරිස දිවයිනට පැමිණ ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ආරාධනයකට අනුව දකුණු කොරියානු කථානායක ‘පාක් බියෝන් සෙග්’ මහතා එම සංචාරයේ නිරත වන බව සඳහන් වේ.

දකුණු කොරියානු කථානායක පාක් බියොන් සෙග් මහතා එම සංචාරය තුළදී ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර මෙරට පාර්ලිමේන්තුවේද සංචාරයක නිරතවීමට නියමිතය.