― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස් මුදල් ජාවාරම්කරුවන් 05ක් රේගු දැලේ

විදෙස් මුදල් ජාවාරම්කරුවන් 05ක් රේගු දැලේ

ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල්වලට විදේශ මුදල් ජාවාරම් කිරීමේ නිරත වූ පුද්ගලයින් 5 දෙනෙකු ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් තිදෙනෙක් කාන්තාවන් වන අතර ඉතිරි ⁣දෙදෙනා පිරිමි පුද්ගලයින්ය. දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මොවුන් ඊයේ (19) ඩුබායි බලා යාමට තැත්කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී ගමන්මළු තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ විදේශ මුදල් තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ අතර ඒ මුදල් අතර එක්සත් ජනපද ඩොලර් 22300, යුරෝ 63500, ස්ටර්ලින් පවුම් 8725, සවුදි රියාල් 292,000 හා ඩිරාම් 75000 විය. මෙම මුදල්වල ශ්‍රී ලාංකීය වටිනාකම රුපියල් මිලියන හතළිස් දෙකකට ආසන්න වෙයි.