― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිලිනොච්චිය රෝහලේ ගින්නක්

කිලිනොච්චිය රෝහලේ ගින්නක්

ඊයේ (20) රාත්‍රී 11.30ට පමණ හටගත් ගින්නකින් කිලිනොච්චිය මහ රෝහලේ සායන පැවැත්වූ පරිශ්‍රයේ කොටසක වෛද්‍ය උපකරණ රැසක් විනාශ වී ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

කිලිනොච්චිය, කරච්චි ප්‍රාදේශීය සභා ගිනි නිවීමේ ඒකකය හා යුද්ධ හමුදා ජල බවුසර යොදාගෙන ඊයේ රාත්‍රියේදීම ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති අතර ගින්නෙන් රෝගීන් හෝ රෝහලේ සේවය කළ කිසිවෙකුටත් හානි සිදුව නොමැත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.